FAST NEWS

24×7 Around the Globe

ජයලලිතා අන්තිම කැමති පත්‍රය නොලියා අවසන් ගමන යෑමෙන් ඇති කළ ගැටලුව මෙන්න…

 

තමිල්නාඩු හිටපු මහ ඇමැතිනි ජයලලිතා අන්තිම කැමති පත්‍රයක්‌ ලියා නොමැති බව විදෙස් මාධ්‍ය පැවැසීය.

මේ හේතුවෙන් දේපළවල හිමිකාරිත්වය පැවරීම සම්බන්ධයෙන් අර්බුදයක්‌ මතුවී ඇති බව වාර්තා වන අතර ඉන්දීය රුපියල් කෝටි 113.72 ක්‌ ඇය සතුව තිබී ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ලදි.

ඊට අමතරව ඉන්දීය රුපියල් කෝටි 3.12 ක්‌ වටිනා රිදී කිලෝ 1,250 ක්‌ , රන් කිලෝ 21 ක්‌ සහ තවත් වටිනා දේපළවල ද හිමිකාරිත්වය පැවරීම සම්බන්ධයෙන් අර්බුදයක්‌ මතුවී තිබේ.

වාහන රැසක් ගොවිපළවල් දෙකක්‌ සහ සමාගම් පහක්‌ ද ඇය සතුව තිබී ඇති අතර
ජයලලිතාගේ චෙන්නායි නිවසේ වටිනාකම පමණක් ඉන්දීය රුපියල් කෝටි 43 ක් වන බව සදහන්ය.