ලෝකයේ බර වැඩිම කාන්තාව ලෙස සැලකෙන ඊජිප්තු ජාතික, 36 හැවිරිදි ඊමාන් අහමඩ් අබ්දුල්ලාට සිය ශරීරයේ අධික ස්ථුලතාවය අඩු කරගැනීම සඳහා සැත්කමකට මුහුණ දීමට ඉන්දියාවෙ, මුම්බායි වෙත පැමිණීමේදී අධික ගුවන් ගමන් ගාස්තුවක් ගෙවීමට සිදුව තිබේ.
ඉන්දියානු රුපියල් ලක්ෂ 20කට අධික එම ගුවන් ගමන් ගාස්තුව ගෙවා ගැනීමට ඇයගේ පවුලේ උදවියට හැකියාවක් නොමැති බව වාර්තා වේ.
මේ නිසා ඒ වෙනුවෙන් ආධාර ලබා ගැනීම සඳහා බැංකු ගිණුමක් පිහිටුවා ඇති අතර ඊමාන්ව ඉන්දියාව වෙත ප‍්‍රවාහනය කිරීමට ඇය වෙනුවෙන්ම විශේෂයෙන් සැකසූ ගුවන් ගිලන් රථ සේවාවක සහාය ලබා ගැනීමට සිදුවීම නිසා මෙසේ අධික වියදමක් දැරීමට සිදුව තිබේ.
වෛද්‍ය මුෆ්ෆාසල් ලක්දාවල විසින් ඇයගේ සියළුම ප‍්‍රතිකාර සේවාවන් නොමිලේ සිදුකරනු ලබයි.
ඡායාරූප පහතින්..












