FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදේශයේ සටන් මෙහෙයුම් නතර කළ බව රුසියාවෙන් නිවේදනයක්..

සිරියාවේ නැගෙනහිර ඇලෙප්පෝ ප්‍රදේශයේ සටන් මෙහෙයුම් කටයුතු තවකාලිකව නවතා දැමීමට සිරියානු හමුදාව කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ගැටුම් පවතින ප්‍රදේශය් කොටුවී ඇති සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යාමට ඉඩ ලබාදීම මෙහි අරමුණ බව රුසියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය – සෙයිජි ලැව්රොව් පවසයි.

මෙම ප්‍රදේශයේ මෙලෙස කොටුවී සිටින සිවිල් වැසියන් 8,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

පසුගිය සිවු වසරක කාලයක් පුරාවට කැරළිකරුවන් අත පැවති ප්‍රදේශයක් වන නැගෙනහිර ඇලෙප්පෝ ප්‍රදේශයේ 75%ක් පමණ යළිත් සිය පාලන ප්‍රදේශ බවට පත්කර ගැනීමට සිරියානු රජයේ හමුදා මේ වන විට සමත්ව සිටියි.