ජාත්‍යන්තර ටයිම් සඟරාව මේ වසරේ පුද්ගලයා ලෙස අමෙරිකානු නව ජනපතිවරයාව නම් කරමින් මෙවර සඟරාවේ කවරය ඔහුගේ ඡායාරූපයකින් සරසා තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපයේ ඔහුගේ හිසට ඉහළින් M අකුර දැක්වෙන අතර එය ට්‍රම්ප්ට අං තබා තිබීමක් ලෙස සමාජජාල මාධ්‍යවල දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසන ලදි.
බෙදුණු ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් නම් කිරීමටද මෙම සඟරාව කටයුතු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ව විවේචනය කිරීමට ඔවුන් සියුම් අයුරින් උත්සාහ කර ඇති බවයි.
මීට පෙර පළවූ සඟරාවේ පළවූ කවර කිහිපයක් පෙන්වමින් සමාජ ජාලවල පෙන්වා දෙන්නේ මීට පෙර එවැනි චරිතවල හිසට අං තබන අයුරින් ඡායාරූප පළ කර නොමැති බවයි.
ඡායාරූප පහතින්..













