FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට නොමි‍ලේ දුන් ටැබ් වලිනුත් සල්ලි ඉල්ලු හැටී…

 

කථානායකවරයා, ඇමැතිවරුන් සහ නිලධාරීන් ඉදිරියේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට නොමි‍ලේ ලබාදුන් ටැබ් පරිගණක සඳහා මාසික වාරික මුදල් ඉල්ලා බිල්පත් එවීම නිසා එම මාධ්‍යවේදීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

පෞද්ගලික දුරකථන ආයතනයක සහාය ඇතිව පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් හැට දෙනෙකුට මෙම ටැබ් පරිගණක නොමි‍ලේ ලබාදීමට මැදිහත් වූයේ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයත්  විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයත්ය.

නවීන තාක්ෂණය සමග මාධ්‍යවේදීන් ඉදිරියට යා යුතු බව පවසමින් ඊට රුකුලක් සඳහා පළමුව පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට ද දෙවනුව සහ තෙවනුව අනෙකුත් මාධ්‍යවේදීන්ට නොමි‍ලේ ටැබ් පරිගණක ලබාදෙන බව පවසමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ උත්සවයක් පවත්වමින් මෙම ටැබ් පරිගණක ලබාදෙන ලදී.

නොමි‍ලේ ලබාදුන් මෙම ටැබ් පරිගණකය සඳහා මාසිකව රුපියල් හාරසිය තිස්අටක මුදලක් ගෙවන ලෙස අදාළ  මාධ්‍යවේදීන් වෙත බිල්පත් ලැබෙන අතර එම මුදල වසර දෙකක් මාසිකව ගෙවීමට සිදුව තිබේ.