FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ (ලැයිස්තුව)

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළැඹෙන දකුණු අප්‍රිකා තරගාවලියේ ටෙස්ට් තරගාවලිය සඳහා  එක්වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිළ වශයෙන් නිවේදනය කර සිටියේය.

දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 26දා ආරම්භවීමට නියමිතය.

තරගාවලියට නවක ක්‍රීඩකයෙකු ලෙස තුන්ඉරියව් ක්‍රීඩක විකුම් සංජය බණ්ඩාර එක් කොට තිබේ.

ආබාධයකට ලක්ව සිටි නායක ඇන්ජලෝ මැතිව්ස්, උපනායක දිනේෂ් චන්දිමාල් හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද කණ්ඩායමට එක්ව තිබේ.

තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා (10දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උපනායක) දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ධනංජයද සිල්වා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, ණුවන් ප්‍රදීප්, විකුම් සංජය බණ්ඩාර, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා