සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 3 වන තරගයේ 4 වන දිනය අදයි.
අද දිනය නිමා වීමට ආසන්න වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 376 ඉලක්කයක් හඹා යන පකිස්තාන පිළ කඩුලු 2කට ලකුණු 178 රැස්කරගෙන සිටියි.
පකිස්තාන පිළට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 199ක් අවශය වන අතර එ සඳහා ඔවුන් අතැතිව කඩුලු 8ක් සහ තවත් දිනයක් ඉතිරිව ඇත.
යුනිස් කාන් හා ෂාන් මසුඩ් තෙවන කඩුල්ල සඳහා නොදැවී ලකුණු165 අනගි සම්බන්ධතාවත් පවත්වාගෙන යති.
++++++++++++++++++++++++++++++++
පකිස්තාන පිළට ලකුණු 376ක ඉලක්කයක් .(update)
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 3 වන තරගයේ 4 වන දිනය අදයි.
සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ සියලු දෙනා දැවී ලකුණු 313 රැස් කීරීමට සමත් විය.
එ අනුව සිය ජයග්‍රහණය සඳහා පකිස්තාන පිළට ලකුණු 376ක ඉලක්කයක් ලැබිණි.
ලකුණු පුවරුව
=================================(update)
මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ 5 වන ශතකය වාර්තා කරයි.
ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ 5 වන ශතකය වාර්තා කිරීමට සමත්විය.
මෙවන විට සිය දෙවන ඉනිමට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිළ කඩුලු 7ක් දැවී ලකුණු 280ක් රැස් කරගෙන පකිස්තාන පිළට වඩා ලකුණු 343ක් ඉදිරියෙන් සිටියි.
ලකුණු පුවරුව පහතින්
====================================(update)
නායක මැතිව්ස් වාර්තා පොත් අතරට එක්වෙයි – අද සිව්වන දිනයයි.
පාකිස්තාන කණ්ඩායම සමග පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය ය අදයි.
මෙවන විට තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව සිටිනවා.
ඊයේ දිනය නිමා වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවන ඉනිම සදහා කඩුලූ 5 ක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 228 ක්.
ඒ අනුව තරගයේ පාලනය සියතට ගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම, පාකිස්තාන පළමු ඉනිමට ලකුණු 291ක් ඉදිරියෙන් සිටිනවා.
ශී‍්‍ර ලංකා දෙවන ඉනිම ගොඩගත් නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 77 ක්. ඔහු වැඩිම ටෙස්ට් පිතිකරු සාමාන්‍යයක් රදවාගත් දෙවන නායකයා ලෙසද වාර්තා පොත් අතරට එක් වුණා.
මැතිව්ස් දෙවැනි වී සිටින්නේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ්රැඞ්මන්ට පමණයි. මැතිව්ස්ට අනගි සහයක් ලබාදුන් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 39 ක් ලබා සිටිනවා.
ශී‍්‍ර ලංකා දෙවන ඉනිම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 48 ක් සහ ජෙහාන් මුබාරක් ලකුණු 35 ක් රැස් කිරීමට සමත් වුණා.









