FAST NEWS

24×7 Around the Globe

ඩීල් දමා චංචා යට ගහන යහපාලන ඇමතිවරු ගැන රාජිත හෙළි කරයි…

 

බෙල්ල දී ජීවිත පරිත්‍යාගයෙන් විශාල අවදානමක් ගෙන වත්මන් ආණ්ඩුව හැදූ බවත් ටයි කෝට් දාගෙන පැමිණි කිහිප දෙනකු එම ආණ්ඩුවේ ඇමැතිවරු ලෙස දිවුරුම් දුන්නා මදිවට දැන් මහා පරිමාණ වංචා දූෂණ සෙවීම නතර කිරීමට ඩීල් දමන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා චෝදනා කළේය.

ඊයේ (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුව පත් කර ගත්තේ මහා පරිමාණ දූෂණ වංචා සෙවීමේ අරමුණින් බවත් අද සිදුවන්නේ ආණ්ඩුවේම සිටින කිහිප දෙනෙකු ඩීල් දමා මහා පරිමාණ දූෂණ වංචා යට ගසන එක බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ යන ආකාරයට තවදුරටත් ගියහොත් බරපතළ දූෂණ වංචා සෙවීමේ කොමිසම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.