FAST NEWS

24×7 Around the Globe

රතු කාඩ්පත් පිටියට – ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල වන රතු එලිය මෙන්න…

 

ක්‍රිකට් පිටිය තුළ නොහික්මුණ ලෙස  හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව රතු කාඩ්පත් භාවිත කිරීමේ අවස්ථාව ලබාදීමට ලෝක ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව නොහික්මුණ ලෙස හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට රතු කාඩ්පතින් අවවාද ලබාදී ඔහුව පිටියෙන් ඉවත් කිරීමට අදාළව පිටියේ විනිසුරුට අවස්ථාව ලබාදීමට ලෝක ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

විනිසුරුට තර්ජනය කිරීම, ශාරීරික වද හිංසා හා වෙනත් නීතිවිරෝධී ක්‍රියාවකදී මෙසේ රතු කාඩ්පත භාවිත කිරීමට විනිසුරුට අවස්ථාව ලැබෙන අතර ලබන ඔක්තෝබර් සමයේ පටන් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

වර්තමානයේදී තරගයක් අවසන් වූ පසුව තරගයේදී සිදුවූ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විනිසුරුවන් විසින් තරග තීරකට පැමිණිලි කරන අතර ඉන් පසුව විනය ක්‍රියාමාර්ග ගැනීම සිදුවේ.