FAST NEWS

24×7 Around the Globe

48 දෙනෙකුට මරණය ගෙන්වූ පාකිස්තාන ගුවන් ගමනේ ඛේදවාචකය… (ඡායාරූප)

 

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් PK-661 මගී ගුවන් යානා අනතුරින් දිවි ගලවාගත් කිසිවෙකු නොමැති බවත්, ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති මුළු පිරිස 48ක් බවත් විදෙස් වාර්තා පැවැසීය.

පාකිස්තානයේ චිත්‍රාල් නුවර සිට ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරමින් තිබියදී මෙම යානය අනතුරට පත්ව තිබුණේ ඊයේ (07දා) සවස් කාලයේදීය.

මෙම මගී යානා අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර පාකිස්තානයේ හිටපු සුප්‍රසිද්ධ ගායකයෙකු මෙන්ම, වර්තමානයේදී ඉස්ලාම් දහම දෙසන්නෙකු ලෙස කටයුතු කරන ජුනයිඩ් ජාම්ෂෙඩ් මෙන්ම ඔහුගේ බිරිඳද සිට ඇති බව විදෙස් වාර්තා සදහන් කරන ලදි.

ඉස්ලාමාබාද් නගරයට කිලෝමීටර් 70ක් පමණ උතුරින්, හවේලියාන් කඳුකර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

පාකිස්තනායේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රකාශක ප්‍රංශ පුවත් සේවය වෙත පවසා තිබුණේ ගුවන් අනතුරින් කිසිවෙකුත් දිවිගලවාගෙන නොමැති බවයි.

එමෙන්ම, මියගිය පිරිස 48ක් බව පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයද තහවුරු කර තිබුණි. ඒ අනුව, යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 42දෙදෙනකු, කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සහ ගුවන් තොටුපොළ ඉංජිනේරුවරයෙකු ගමන් කර ඇති බවද කියැවෙයි.

පාකිස්තාන වේලාවෙන් ඊයේ (07දා) සවස 3.00 ට පමණ චිත්‍රාල් ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹි යානය විනාඩි 90කට පමණ පසුව රේඩාර් තිරයෙන් අතුරුදන්ව ගොස් ඇත්තේ, යානය ගොඩබෑමට සුළු වේලාවක් තිබියදීය.

පාකිස්තාන ගුවන් සේවය කාලයක සිට එහි පවතින ආරක්ෂක හිදැස් සම්බන්ධයෙන් චෝදනා ලැබූ බවද නොරහසකි.

ඡායාරූප පහතින්..

Image result for pakistan plane crash