දකුණු අප්‍රිකානු පිලට එරෙහිව මේ මස 26 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් ශ්‍රී ලංකා පිල ලබන (10) දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය.
කෙසේ වෙතත් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්වැල්ල ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබූ බව වාර්තා වේ.
දීර්ඝ සංචාරයක් හේතුවෙන් සංචිතයේ ක්‍රීඩක සංඛ්‍යාව 17 ක් දක්වා වැඩි කර සිම්බාබ්වේ සංචාරයේදී දස්කම් දැක්වූ අසේල සහ දික්වැල්ල සංචිතයට ඇතුළත් කිරීමේ සූදානමක් පැවතුණි.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සංචිතය හෙට (08) පෙරවරුවේ මාධ්‍යයට ලබාදෙන බව පැවසීය.
“අපි සංචිතයට ඇතුළත්කර තිබෙන්නේ ක්‍රීඩකයන් 15 යි. ක්‍රීඩකයන් 17 ක් යවන්නේ නෑ” යැයි සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියට සහභාගි වූ අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, ළහිරු ගමගේ, කසුන් මධුසංඛ සහ ලක්‍ෂාන් සඳකැන් යන ක්‍රීඩකයන්ට මෙම සංචිතයේ ස්ථාන අහිමිවී ඇති බවත් ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් සහ විකුම් සංජය සංචිතයට පැමිණ සිටින බවත් ක්‍රීකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
එ අනුව අසේල ගුණරත්න සිම්බාබ්වේ සංචාරයේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයකු වන අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සංචිතයට පැමිණීමෙන් ඔහුට ස්ථානය අහිමි වනු ඇත.