FAST NEWS

24×7 Around the Globe

පූජිතට දුරකතන ඇමතුම ලබා දුන්නේ කවුදැයි ඇමැති හැරිසන් කියයි…

 

පසුගියදා රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටි අතරතුරදී පොලිස්පති පුජිත ජයසුන්දරට පැමිණි දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට තොරතුරු ලැබී ඇතැයි ඇමති පී. හැරිසන් මහතා පවැසීය.

දූෂණ, වංචා චෝදනා එල්ලවී ඇති නිලමේවරයෙක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලදී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට පොලිස්පතිවරයාට දුරකතනයෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් දී ඇතැයිද ඔහු කියා සිටියේ අනුරාධපුරයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

අදාල දුරකතන ඇමතුම පොලිස්පතිවරයාට එජාපයේ කිසිවෙකු විසින් ලබා නොදුන් බවද කී හෙතෙම ඒ පිළිබඳව පොලිස්පතිවරයාගෙන්ම විමසිය යුතු යැයිද පැවසීය.