FAST NEWS

24×7 Around the Globe

24 දෙනෙකුට මරු කැදවමින් ඉන්දුනීසියාවට බලපෑ භූ කම්පනය සිදු කළ හානිය මෙන්න… (වීඩියෝ)

 

ඉන්දුනීසියාවේ – සුමාත්‍රා දිවයිනේ අචේ ප්‍රාන්තයට ඔබ්බෙන් අද(07) අලුයම සිදුවූ රික්ටර් පරිමාණයේ 6 යි දශම 4 ක ප්‍රබල භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සුමාත්‍රා දිවයිනේ සිග්ලි නගරයේ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර, ජීවිත හානි බහුතරයක් වාර්තා වන්නේ එම නගරයෙන්ය.

කෙසේ නමුත්, ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ භූ කම්පනය නිසා සුනාමි අවදානමක් ඇති නොවන බවයි.

2004 වසරේ සුනාමියට මුල් වූ මහා භූ කම්පනය ද අචේ ප්‍රාන්තයට ඔබ්බෙන් සිදුවු අතර, එහිදී ඇති වූ සුනාමි රළ පහරින් අචේ ප්‍රාන්තයේ එක්ලක්ෂ 20,000 ක් පමණ ජීවිතක්ෂයට පත්විය.

වීඩියෝව පහතින්..