FAST NEWS

24×7 Around the Globe

වෘෂණ කෝෂ තැබීමට බන්ධනාගාරයෙන් මෙට්ටයක් දීමේ හේතුව හිරුණිකා සොයයි…(වීඩියෝ)

අයවැය කාරක සභා අවස්ථාවේ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දැඩි අදහස් දැක්වීමක් සිදු කලාය.

බන්ධනාගාරගතවන සිරකරුවන්ට හා සැකකරුවන්ට ව්‍යාජ වෛද්‍ය වාර්තා ලබා දීම ගැනත් රෝහල් ගත කිරීම ගැනත් ඇය දැඩි ලෙස දොස් පැවරුවාය.

‘සාමාන්‍යයෙන් මෙට්ටයක් ඉල්ලනව කොට්ටයක් ඉල්ලනවා බෙල්ලෙ අමාරුවක් නම් කොන්දෙ අමාරුවක් නම්. මේ මනුස්සයගෙ අමාරුව තියෙන්නෙ වෘෂණ කෝෂවල. වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිවුවම සනීප වෙනවද මොකක්ද වෙන්නෙ. මට දැනගන්න  ඕන ඒකයි’ යයි ඇය කියා සිටියේ මෑතකදී රිමාන්ඩ් කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ගැන අදහස් පල කරමිනි.

සම්පුර්ණ වීඩියෝව පහතින්..