FAST NEWS

24×7 Around the Globe

ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ කෞතුක වස්තූන් වෙනුවෙන් ICTA ගෙනෙන අලුත්ම පහසුකම මෙන්න…

 

මෙරට කෞතුකාගාරවල ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු රැසක් ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් පරිගණකයට ලබා ගැනීමට පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පැවැසීය.

ඉ-උරුමය ව්‍යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නගා තිබෙන බවත් තම ස්මාට් දුරකථනයට හෝ ටැබ් පරිගණකයට මේ සඳහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ යෙදවුම ස්ථාපනය කර ගැනීමෙන් ඉදිරියේදී මෙම පහසුකම අත්විඳ ගැනීමට ඉඩ සැළසෙන බවත් එම නියෝජිතායතනය වැඩිදුරටත් පවසන ලදි.

මෙම ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම ගූගල් ප්ලේස්ටෝ හි ශ්‍රී ලංකා මියුසියම් යන්න පිරික්සීමෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය.