FAST NEWS

24×7 Around the Globe

‘සෙක්සි ලලිතා’ ලෙසින් පෙරළියක් ඇති කළ ‘අම්මා’ගේ රගපෑම් ජවනිකා මෙන්න… (වීඩියෝ)

 

නැසීගිය තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් යනු ඉන්දියාවේ දෙමළ වාණිජ සිනමාවේ එක්තරා කාලයක අතිශය ජනප්‍රිය නිළියකි.

පෙම්වතියන්ගේ චරිත අපූරුවට රඟපාමින් ප‍්‍රකට නළු එම්ජීආර් ලා සමග රංගනයට එක්වූ ඇය තමිල්නාඩු දේශපාලනයට සිනමාවේ ජනප්‍රියත්වය හොඳාකාරවම යොදාගත්තේ එම්ජී ආර්ගේ ඈවෑමෙනි.

ඒ කාලයේ ‘සෙක්සි ලලිතා’ නමින් ප‍්‍රකටවූ ඇය රිදී තිරයේ අඩනිරුවතටද නොපැකිළව ඉදිරිපත්වූ නිළියකි.

රංගනයේදී කොටට ඇඳීම නිගරුවක් ලෙස සැලකුණ නමසිය හැට ගණන්වලදී පෙරළියක් කරමින් මිනි ස්කර්ට් ඇඳුම දෙමළ සිනමාවට මුලින්ම හඳුන්වාදීමේ වාර්තාවටද හිමිකම් කියන්නේ ඇයයි.

එසේම චිත‍්‍රපට 130 ක පමණ රඟපෑ ඇය දේශපාලනයට පැමිණියේ සිනමාවෙන් සමුගෙන වසර 9 කට පසුවයි.

1989 සිට දේශපාලනයේ නිරත ඇය දේශපාලනයට පිවිස පසුව රංගනය මුළුමණින්ම අත්හැරියාය.

ජයලලිතා ඒකාලයේ එම්ජීඅර්, ගනේෂ්, මොහාන්, කමල් හසන්, සිවාජි, සුරේෂ් ආදීන් සමග රඟපෑ ඇතැම් ජවනිකා වැඩිහිටියන්ට පමණයි ලේබලයටද අයත් වූ අතර එම ඇතැම් වීඩියෝ දර්ශන ප‍්‍රසිද්ධ මාධ්‍යයක නැවත පළකරන්නට අපහසු මට්ටමක පවතින බවද කියැවිණ.

කෙසේ වෙතත් දකුණු ඉන්දීය ජනතාව සිනමාවේ වීරයින් පුද්ගලික ජීවිතයේ වීරයින් බවටද පත් කරගන්නා කොට්ඨාශයක් වූ නිසා ඇයගේ දේශපාලන දර්ශනය හෝ පාලන හැකියාව කිසිවක් නොව ඇගේ ජනප්‍රියත්වය එකම සාධකය කරගෙන ඇය අවස්තා 6 කදී බලයට පත්කරගෙන තිබුනේ මහ ඇමතිනිය හැටියටයි.

ඇයට වත්කම් දේපළ සම්බන්ධ දූෂණ චෝදනාද පැවති අතර මෝදි බලයට පත්වී මාස කිහිපයකින් ඇය සිරගතකිරීමටද නියමවූ නමුත් පසුව ඇය අභියාචනයකින් ජයගෙන එම චෝදනා වලින් නිදහස් වූවාය.

ඇය සිරගතව සිටි කාලයේ ඇය නිසා තමිල්නාඩු ජනතාව කෙතරම් කණස්සල්ලට පත්වූයේද යත් උද්ඝෝෂණ වල තදබදයන්, සියදිවිනසාගනීම්, හෘදයාබාධ ආදී විවිධ හේතු නිසා ඇය වෙනුවෙන් 131 දෙනෙකු ජීවිතය පුදා තිබුණි.

‘අම්මා‘ යන අන්වර්ත නාමයෙන් ඇයව දේවත්වයෙන් පිළිගැනීමට තමිල්නාඩු පුරවැසියන් නිරන්තරයෙන්ම සැදී පැහිදී සිටී.

පහත පළවන්නේ ජයලලිතාගේ පැරණි ඡායාරූප එකතුවක් හා ඈ රඟපෑ සිනමා පටයක තෝරාගත් වීඩියෝ දර්ශනයකි..

Jayalalitha - A winner already

Related image

 

Jayalalitha - Dressed for a role

Jayalalitha - In a pensive mood

Jayalalitha brushing up her face

 

J Jayalalitha - Rare Picture Of Tamil Nadu CM As An Actress

Jayalalitha - Just a sensual pose

Jayalalitha With MGR again

Image result for jayalalitha jayaram

වීඩියෝව පහතින්..