FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ඉවතට ?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන කළමනාකරු වන චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉවත්කර නව කළමනාකරුවෙකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි එම ආයතන ආරංචි මාර්ග පවසයි.

චරිත් සේනානායක මහතාට එරෙහිව දිගින් දිගටම විවිධ චෝදනා හා පැමිණිලි එල්ලවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි මෙම පැවසේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමනාකරු පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් එම තනතුර බොහෝ විට ජෙරොම් ජයරත්න මහතා වෙත ලබාදෙනු ඇතැයි වාර්තාවේ.