FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සංගා,මුරලි,මහේල,ගුරුසිංහ පිටියට..!

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීමට  මෙරට ප‍්‍රවීණ ක‍්‍රීඩකයින් ඉදිරියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග එක්වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උපදේශක අරවින්ද ද සිල්වා කොළඹදී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

“ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැනුමේ කිසි අඩුවක් නැහැ. ඉතිං එයාලව ඉස්සරහට පාවිච්චිකරන්න ඕනේ අපේ තරුණ පරපුරටත් ඒ දැනුම ලබාදෙන්න. අපේ ක්‍රීඩකයන් ඉන්නවා මහේල , සංගා , මුරලිදරන් , අසංක ගුරුසිංහ වැනි ක්‍රීඩකයන්ගේ සියළු දැනුම අපි ඉස්සරහට ලබාගන්න බලාපොරොත්තු වෙනවා අපේ කොච්න්ග් ඩිපාර්ට්මන්ට් එක දියුණු කරන්න”

අරවින්ද ද සිල්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උපදේශක වශයෙන් කටයුතු කරන අතර ක‍්‍රීඩක දක්ෂතා වර්ධනය කිරීමේ කළමනාකරු වශයෙන් සයිමන් විල්ස් මහතා කටයුතු කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සයිමන් විල්ස්ගේ අධීක්ෂණය යටතේ හෂාන් තිලකරත්නට සහ උපුල් චන්දනට පසුගියදා පිතිකරණ සහ පන්දු රැකීම් පුහුණුකරු තනතුරු ද පිරිනැමුණී.