FAST NEWS

24×7 Around the Globe

උඩුගුවනේ සෙල්ෆි ගත් ආර්ජන්ටිනා නිරූපිකාවට වැඩ වරදියි.

පසුගියදාක ආර්ජන්ටියානු ගුවන් යානා සමාගමක නියමුවන් දෙදෙනෙක් සේවයෙන් පහකරනු ලැබුවා. මේ සඳහා බලපාපු හේතුව උනේ එරට නිරූපිකාවට නියමු කුටියට ඇතුළුවීමට අවසර ලබාදීම සහ ඇය සමඟ ඡායාරූපයකට පෙනී සිටීමයි.

වික්ටෝරියා නම් වෙන මෙම නිරූපිකාව එම selfie ඡායාරූපය තමන්ගෙ tweet ගිණුම හරහා ප්‍රචාරය කරමින් පවසා ඇත්තේ තමන් නියමු කුටියට ඇතුල් වීමට අවසර ලැබුණ වගේම යානය පැදවීමටත් සහාය දැක්වූ බවයි.

ඒවිතරක් නොවෙයි ඇයට ගුවන් ගමන අවසන් වනතුරුම එහි රැඳී සිටි බවත් එහි සඳහන් කර තිබෙනවා. කෙසේවෙතත් මෙම selfie ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ යානය පියාසර කරමින් තිබුණිද යන්න අනාවරණය කර නැත.

ඇමරිකාවේ පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ගුවන් මගීන්ට ගුවන් යානයේ නියමු කුටිය වෙත යාමට අවසර නොලැබේ. ආර්ජන්ටියානු ගුවන් ගමන් නීති රීති අනුවත් එය තහනම් ක්‍රියාවකි.

ගුවන් සමාගමේ ප්‍රධානීන් සඳහන් කරන පරිදි මෙම සිදුවීමට වගකිව යුතු නියමුවන් මෙන්ම ගුවන් යානා සේවක පිරිසද සේවයෙන් පහ කිරීමට නියමිතයි. ඒවගේම මෙම සේවකයන්ට මෙන්ම අදාළ නිරූපිකාවටද එරෙහිව නඩු පැවරීමට නියමිතයි.

cxcxcxcxc xccvcxvcvcv