FAST NEWS

24×7 Around the Globe

ලන්ඩන් කොටස් වෙළදපොළෙහි තාක්ෂණික මධ්‍යස්ථානය කොළඹදී වීවෘත වේ..

 

ලන්ඩන් කොටස් වෙළදපොළෙහි තාක්ෂණික මධ්‍යස්ථානය අද (05දා) කොළඹ, ට්‍රේස් එක්ස්පර්ට් සිටි හිදී ශ්‍රී ලංකාවේදී විවෘත කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

තාක්ෂණික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට ලන්ඩන් කොටස් වෙළදපොළෙහි සභාපති ඩොනල්ඩ් බ්‍රයිඩ්න් හා ලන්ඩන් කොටස් වෙළදපොළෙහි ප්‍රධාන විධායක නිලධාරී සාවියර් රොලේ යන මහත්වරු විශේෂ කාර්යයක් කළ බවද අග්‍රාමාත්‍යව මාධ්‍ය ඒකකය කියයි.

“ලන්ඩන් කොටස් වෙළදපොළ ලෝකයේ මූල්‍ය වෙළදපොළවල්හි ප්‍රමුඛතම සන්නාමයයි. එහි තාක්ෂණික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම අප රටට මෙන්ම කලාපයේ අනෙක් රටවලටද මහගු අවස්ථාවක් වන බව මාගේ විශ්වාසයයි.” යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

මුදල් අමාත්‍ය රවි කරුණනායක මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.