FAST NEWS

24×7 Around the Globe

සිරියානු රජයෙන් දනේෂ් ත්‍රස්තයන්ට එල්ල වන අවසන් අනතුරු ඇඟවීම මෙන්න…

 

සිරියාවේ ඇලෙප්පෝ නුවර පළාත් කිහිපයක් තවමත් අල්ලා ගෙන සිටින දනේෂ් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ට සිරියානු රජය ඊයේ (4) අවසන් වරට අනතුරු ඇඟවීමක් කළේය.

එම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ එම පළාත් අතහැර පලා යන ලෙස හෝ යටත් වන ලෙසටය.

ඇලෙප්පෝ යනු සිරියාවේ විශාලතම නගරය වන අතර නගරයේ පළාත්වලින් සියයට 85 ක් පමණ මේ වනවිට යළි අත්පත් කර ගැනීමට සිරියානු රජයේ හමුදාවෝ සමත් වී සිටිති.

එසේම තවමත් නගරයේ පළාත් අල්ලා ගෙන සිටින ත්‍රස්තවාදීන් පවසා ඇත්තේ තමන් කිසිම අවස්ථාවක යටත් නොවන බවය.