FAST NEWS

24×7 Around the Globe

බස්‌ වර්ජනයේ ප්‍රතිඵලය ගැන කියමින් ‘අංජනගේ මාධ්‍ය ෂෝ පෙන්වීම’ ගැමුණු හෙළි කල හැටී…

 

පසුගියදා පැවති බස් වර්ජනය ගැන ලංකා පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා ඊයේ (04 වැනිදා) මෙසේ පවසා තිබේ.

“මේ බස්‌ ස්‌ට්‍රයික්‌ එකේදි බස්‌ සංගම් දිනපු දෙයක්‌ නැහැ. ජනාධිපතිතුමා ඔවුන්ටත් කියා තියෙන්නේ වර්ජනයට පෙරදින මට කියපු දේමයි.

බොරුවට බස්‌ වර්ජනයක්‌ කරලා මගීන් අපහසුතාවට පත් කළා. ඉල්ලීම් ඉල්ලා ස්‌ට්‍රයික්‌ කළා නම් ඒක දිනලා එපැයි ස්‌ට්‍රයික්‌ එක නතර කරන්න. අන්තිමට දිනපු දේකුත් නැහැ.

මම කියන්නේ මේ බස්‌ වර්ජනය අසාර්ථකයි කියලා. කුලියට කහින අංජනයාට බස්‌ එකක්‌වත් නැහැ. බස්‌ සංගමයක සභාපති වෙන්න තමන්ගේ නමට බස්‌ එකක්‌ තියෙන්න ඕනෑ. නමුත් මෙයාට බස්‌ පර්මිට්‌ එකකුත් නැහැ. බොරුවට මාධ්‍ය ඉදිරියේදී ෂෝ පෙන්වනවා. දැන් දර ගොන් කරත්තය එයාට තමයි අරගෙන යන්න වෙන්නේ. ගොනාව කරත්තයට දාලා එයාට තමයි ඇදගෙන යන්න වෙන්නේ.

පෞද්ගලික හා ලංගම බස්‌ රථවලට පහරදී අලාභහානි කළ සියලුම දෙනා අත්අඩංගුවට ගන්න. මේ පහරදීම් නිසා බස්‌ රියැදුරන් හා මගීන් තුවාල ලබා සිටිනවා. මම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනව”