FAST NEWS

24×7 Around the Globe

ජයලලිතා දරුණු රෝගයක – සෞඛ්‍ය තත්ත්වය ගැන නිවැරදිව නොකියන හේතුව හෙළි වේ…

 

ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය දේශපාලන චරිතයක් වූ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් දරුණු හෘදයාබාධයකින් පීඩා විඳින බව හෙළිවී ඇතැයි විදෙස්  මාධ්‍ය අනාවරණය කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට චෙන්නායි රෝහලක ප්‍රතිකාර ලබන ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදීමක් සිදු නොවීමද විශේෂත්වයකි.

එසේම හිටපු චිත්‍රපට රංගන ශිල්පිනියක්ද වූ ජයලලිතා වාර තුනකදී තමිල්නාඩු මහ ඇමති ධුරය හොබවා ඇති අතර, දැනටද ඇගේ ඡායාරූපයක් ඉදිරියේ තබාගෙන ප්‍රාන්තයේ කටයුතු කිරීමට එම දේශපාලඥයන් කටයුතු කරන බවද ඉන්දීය මාධ්‍ය අවස්ථා කිහිපයකදීම වාර්තා කර තිබුණි.

මේ අතර, ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද නිවැරදි තොරතුරු අනාවරණය වීමෙන් ඇගේ ආධාරකරුවන් විසින් සියදිවි හානිකර ගැනීම් වැනි අන්තයන්ට පත්වීම වැළැක්වීම සඳහා මෙසේ ඇගේ සෞඛ්‍ය පිළිබඳ තොරතුරු වසන් කිරීමක් සිදුවන බවද පැවසෙයි.