FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප බල මණ්ඩලවලට පාක්ෂිකයින් ගෙන්වා ගැනිමට යොදන අලුත් උපක්‍රමය මෙන්න… (වීඩියෝ)

 

මේ දිනවල ලහි ලහියේ ශ්‍රීලනිප ආසන බල මණ්ඩල පිහිටුවීම ආරම්භ කර තිබේ.

නව පක්ෂය වන ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ දිවයින පුරා ගම් 14023 ආවරණය වන පරිදි පක්ෂ ශාඛා පිහිටුවීම ආරම්භ කිරිම නිසා කලබලයට පත්ව ඇති ආණ්ඩුවේ මැති ඇමතිකම් දරණ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් පටන්ගෙන තිබේ.

එහෙත් ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ සහභාගිත්වය ඉතා පහළ මට්ටමක ඇති නිසා පාක්ෂිකයින් ගෙන්වා ගැනිමට සංවිධායකයින් විසින් අලුත් උපක්‍රමයක් යොදාගෙන ඇති බව වාර්තා වේ.

එනම් ඊට සහභාගි වන අයට තෑගි බෝග ලබා දෙන බව කල් තියා ප්‍රචාරය කොට පාක්ෂිකයින් බල මණ්ඩල රැස්වීමට ගෙන්වා ගැනිමයි.

ඊයේ(04) ඒ සඳහා දොම්පේ ආසනය තුල තෑගි බෝග ලබා දීම සිදු වූ ආකාරය එහි ගිය පාක්ෂිකයින් විසින් විඩීයෝ ගතකොට තිබිණ.

වීඩියෝව පහතින්..