FAST NEWS

24×7 Around the Globe

තරුණ තරුණීයන්ට මත් වෙන්ට අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කළ රාත්‍රී සාදයක් වටලයි…

අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කළ රාත්‍රී සාදයක් වැටලීමට කොලඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පෙරේදා (03) සමත් වී තිබෙනවා.

මෙම සාදය පවත්වා ඇත්තේ ජාඇළ – මාකෙවිට ප්‍රදේශයේ.

අධික ශබ්ද සහිත සංගීතය ද යොදාගනිමින් වෙනම කලාපයක පවත්වා ඇති මෙම සාදයේ දී අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම සාදයට වයස අවුරුදු 25ට අඩු තරුණ තරුණියන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන්ගේ ප්‍රවේශය සඳහා සංවිධායකයින් රුපියල් 1500ක මුදලක් අයකර ඇති බව වාර්තා වෙනවා.

සාදය පුරාම මත්පැන්, මත්ගුලි සහ ගංජා විශාල වශයෙන් භාවිත වී ඇති අතර වෙස්වළාගත් නිලධාරීන් පිරිසක් ද එම සාදයට සහභාගී වීමෙන් අනතුරුව මේ පිළිබඳව අනාවරණය කරගෙන තිබෙනවා.

එහි දී ගංජා ලඟ තබාගෙන සිටි තරුණයින් 05 දෙනෙකු අත්අඩංගුවට පත් වී ඇති අතර ඔවුන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.