FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල වූ හැටී… (වීඩියෝ)

 

පළාත් පාලන ඡන්දය කඩිනම් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය කළ විරෝධතාවයකට ( Protest ) පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අසළ මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබූ බවද සදහන් වේ.

එසේම මෙම උද්ඝෝෂණයට මුහුණ දීම සඳහා කැරළි මර්දන පොලිස් බලඇණි කඳුළු ගෑස්, ජල ප්‍රහාරක රථ හා කැරළි මර්ධනය සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද පොලිස් කණ්ඩායම් මාර්ග බාධක ද සමග පෙරවරුවේ සිටම එහි රඳවා සිටි බවද වාර්තා වේ.

වීඩියෝව පහතින්..