FAST NEWS

24×7 Around the Globe

ස්වාධීන පොලිස්පතිට දුරකතනයෙන් අණ දුන් දේශපාලඥයා කවුදැයි හෙළිවෙයි…

 

කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස පෙරේදා(30) දිනයේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටියදී පොලිස්පති පූජිත ජයසුන්දරට දුරකතනය ඔස්සේ උපදෙස් දී ඇත්තේ ඇමති සාගල රත්නායක විසින් බව වාර්තා .

දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩිෂාන් වික්‍රමසිංහ ඛණිජ වැලි  සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ හා එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරද්දී සිදුව ඇතැයි කියන රාජ්‍ය මුදල් අවභාවිතය, ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්‍ෂණ කෙරෙමින් පවතී.

ඇමති සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාට අමතා ඇත්තේ ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට බව ජවිපෙ නායක අනුර දිසානායක මහතාද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.