FAST NEWS

24×7 Around the Globe

“ඒඩ්ස්වලින් තොර රටක්” සඳහා දැනුම්වත් කිරිමේ පා ගමන ගමන් කළ හැටි…

 

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය අදට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක ඒඩ්ස් පාලන වැඩසටහන හා එක්ව පාගමනක් සංවිධානය කර තිබුණි.

”HIV (එච්.අයි.වී.) ඒඩ්ස්වලින් තොර රටක් උදෙසා” යන තේමාව යටතේ පැවැත්වූ එම පා ගමන සෞඛ්‍ය අමාත්‍යංශයේ සිට බොරැල්ල කැම්බල් පිටිය දක්වා ගමන් කළේය.

අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ විශේෂ උත්සවයක් පැවැත්වුණි.