FAST NEWS

24×7 Around the Globe

ඩිල්ෂාන් Dialog ජනතාවගේ ක්‍රීඩකයා වෙද්දී ක්‍රිකට් සම්මාන රාත්‍රියේ ක්‍රීඩකයෝ සම්මාන පිට සම්මාන ලබා ගත් හැටි… (වීඩියෝ)

 

(LIVE) ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය කොළඹදි ආරම්භ වූ අතර එහි පළමු සම්මානය වූ වසරේ ජාත්‍යන්තර විනිසුරු සම්මානය රුචිර පල්ලියගුරුගේ මහතාට හිමිවිය.

වසරේ ජාත්‍යන්තර තරග විස්තර විචාරක ලෙස රසල් ආනල්ඩ් සම්මාන ලබා ගත් අතර 2015 වසරේදී ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතාවන්ට අදාළව  සම්මාන පිරිනැමීම සිදු කර තිබේ.

එසේම වසීම් අක්‍රම් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්ව තිබේ.

වසරේ එක්දින පන්දු යවන්නිය – ඉනෝකා රණවීර

වසරේ තුන් ඉරියව් ක්‍රීඩිකාව – ශෂිකලා සිරිවර්ධන

වසරේ එක්දින පිතිකාරිණිය – චමරි අතපත්තු (අඛණ්ඩව පස්වැනිවරට)

වසරේ විස්සයි 20 පන්දු යවන්නා – ලසිත් මාලිංග (මේ දේ මට නැතිව වෙන කෙනෙකුට ලැබුණානම් හොඳයි. පාදයේ ආබාධය නිසා වසරක් ක්‍රීඩා කළේ නෑ. ලබන වසරේ ජනවාරි මාසයේ විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීම බලාපොරොත්තුවයි)

වසරේ විස්සයි20 පිතිකරු – තිලකරත්න ඩිල්ෂාන්

වසරේ එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස් (කණ්ඩායම නැතිව කිසි දෙයක් ලබාගන්න බෑ. දකුණු අප්‍රිකානු තරගාවලියට ක්‍රීඩා කිරිම බලාපොරොත්තුවයි)

එක්දින පන්දු යවන්නා- ලසිත් මාලිංග

වසරේ එක්දින පිතිකරු – කුමාර් සංගක්කාර

වසරේ තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්

වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා – රංගන හේරත් 

වසරේ ටෙස්ට් පිතිකරු – දිනේෂ් චන්දිමාල් (හැම කෙනෙක්ම අමතක කරලා අවුරුද්දක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට මහන්සි වෙනවා. ආබාධය හොඳයි. දකුණු අප්‍රිකානු සංචාරයට එක්වීම බලාපොරොත්තුවයි)

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා – කුසල් මෙන්ඩිස් 

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර –  ක්‍රීඩාවට මම අත ගහන්නේ නෑ. කවදාවටත් වඩා ක්‍රිකට් පරිපාලය හොඳට තිබෙනවා. කණ්ඩායම හොඳට හදලා තිබෙනවා. ආදරණීය ජනතාව වෙනුවෙන් කැපවෙන්න.

වසීම් අක්‍රම් – මම ලංකාවට ආදරෙයි. අරවින්ද ලොකු ගමනක් යන බව දැනගෙන හිටියා. ගොඩක් වෙලාවට මම ලංකාවට එනවා. ලංකාවේ මිනිස්සු හරිම හිතවත්. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රිඩාවට බොහෝ දෙනෙක් දායාද කළා. මම ශ්‍රී ලංකාවේ ගොඩක් අය සමග ක්‍රීඩා කර තිබෙනවා. ශ්‍රී ලංකාව සටන්කාමීයි. නමුත් ඔවුන් ක්‍රීඩාවෙ ජීව ගුණය ආරක්ෂා කරමින් ක්‍රීඩා කරනවා. අවසන් ලකුණ දක්වා ඔවුන් තරග කරනවා. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිගු මිතුදමක් තියෙනවා. ලංකාවට ආවම මට හිතෙන්නේ පාකිස්තානයේ ඉන්නවා වගේමයි. පාරේ ඇවිදින විට ඔවුන් මා සමග කතා කරනවා. ශ්‍රී ලංකාවට හොඳ පාසල් ක්‍රිකට් පද්ධතියක් තිබෙනවා. නමුත් පාකිස්තානයට එවැනි තත්ත්වයක් නෑ. මට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට උදව් කරන්න ඕනම අවස්ථාවක ඉදිරිපත් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මගේ හදවතේ තිබෙනවා.

 

වසරේ ඩයලොග් ජනතාවගේ ක්‍රීඩකයා – තිලකරත්න ඩිල්ෂාන්

(සතුටුයි. බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් නෙමෙයි. සම්මානය ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා දවසෙයි. මෙය මුළු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පිරිනැමෙන සම්මානයක්. තරුණ ක්‍රීඩකයන්ට කියනවා ජනතාවගේ ආශීර්වාදය තමයි ලොකුම ආශීර්වාදය. රට වෙනුවෙන් සියයට 200ක් දීලා රට ජයග්‍රහණය කරනවන්න.වසීම්ට මුහුණ දුන් පළමු බෝලයට මම හතරක් ගැහුවා. දෙවැනි පන්දුවේදී විකට් කණුව කීපර් ළගට ගියා. මට මුහුණ දෙන්න අමාරුම පන්දු යවන්නා වසීම් අක්‍රම්)

වසරේ ඩයලොග් ක්‍රිඩකයා – ඇන්ජලෝ මැතිව්ස් (තුන්වැනි වතාවට)