19වන සියවසේ උපන් බවට වාර්තාවන දැනට ලොව ජීවත්වන වයස්ගතම කාන්තාව ඇයගේ 117වන උපන්දිනය පසුගියදා සැමරූ බවට වාර්තා වේ.
දැනට පවතින වාර්තාවලට අනුව නමින් Emma Morano වන මැය, වර්ෂ 1899,නොවැම්බර් 29වන දින උපත ලබා ඇති අතර ඉතාලියේ ජීවත් වන, ඇය හට උපස්ථාන කරන සේවිකාවන් සමග ඇය තම උපන්දිනය සමරා ඇති බවද සදහන් වේ.
Emma Morano අවුරුදු 20දී රක්තහීනතාවයෙන් පෙලුනු බවද වාර්තා වේ.
ඇය පවසන්නේ තමන් දිනකට බිත්තර 03ක් ආහාරයට ගන්නා බවත් අනෙකුත් ආහාර වලට වඩා විස්කෝතු ආහාරයට ගැනීමට ප්රියතාවයක් දක්වන බවත් හා මෙපමණ කාලයක් ජිවත් වීමේ රහස අමු බිත්තර දෙකක් සහ තැම්බූ බිත්තරයක් දිනකට ආහාරයට ගැනීම නිසාවෙන් බවත්ය.
ඡායාරූප මෙන්න..














