FAST NEWS

24×7 Around the Globe

බ්‍රොයිලර් කුකුළු මස්‌ වැඩිපුර කන අයට විශේෂඥ වෛද්‍යවරියක් එල්ල කළ රතු එළිය මෙන්න…

 

බ්‍රොයිලර් වර්ගයේ කුකුළු මස්‌ වැඩිපුර ආහාරයට ගැනීම නිසා බැක්‌ටීරියා ආසාදන රෝගවලට ගොදුරු වීමේ අවදානමක්‌ ඇතැයි ක්‍ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක මහත්මිය පැවසුවාය.

මස්‌ පිණිස ගොවිපළවල ඇති කරන බ්‍රොයිලර් වර්ගයේ කුකුළන් සහ ඌරන් වැනි සතුන් ඉතා ඉක්‌මනින් වර්ධනය කරගැනීම සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදීම නිසා එවැනි මස්‌ වර්ග බහුලව ආහාරයට ගැනීමෙන් බැක්‌ටීරියා රෝගවලට ගොදුරු විය හැකි බවත් එවැනි රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් විට ඊට එම බැක්‌ටීරියා විරුද්ධව ක්‍රියා කිරීම නිසා නොයෙකුත් බැක්‌ටීරියා ආසාදනවලට ගොදුරු වීමේ අවදානම ශ්‍රී ලංකාවේ ඉහළ ගොස්‌ ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

එනිසා මෙවැනි ආහාර වර්ග පරිභෝජනය සීමා කිරීමට සහ ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස භාවිතය සීමා කිරීමටත් ශ්‍රී ලාංකික ජනතාව අවධානය යොමුකළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය.

ඇය මෙම කරුණු අනාවරණය කළේ ප්‍රතිජීවක ඖෂධ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.