පාකිස්ථානු වමත් වේග පන්දු යවන්නකු වූ වසීම් අක්‍රම්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන විශේෂ වැඩමුළුවක් දෙසැම්බර් පළවැනිදා (1දා) කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.
2019 වසරේදී පැවැත්වීම නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දියත් කිරීමට නියමිත විශේෂ වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස වසීම් අක්‍රම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයද සහභාගිවීමට නියමිතය.
1984 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පා තබන වසීම් අක්‍රම් 2003 වසර දක්වා ජාත්‍යන්තර පිටියේ රැඳී සිටිමින් ටෙස්ට් තරග 104කදී කඩුලු 414ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක්දින තරග 356කට ක්‍රීඩා කර කඩුලු 502ක් දවා ගැනීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ඇරයුමක් මත ඊයේ (29දා) ශ්‍රී ලංකාවට ළඟාවූ අක්‍රම් නොවැම්බර් 30 පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් සම්මාන ප්‍රදාන උළෙලේ (ඩයලොග් ක්‍රිකට් සම්මාන රාත්‍රිය) ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගිවීමටද නියමිතය.
තමා කළ ආරාධනාව පිළිගෙන මෙරටට පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශක්තිමත් කිරීමට දායක වීම පිළිබඳව වසීම් අක්‍රම්ට ස්තුති වන්ත විය යුතු බව පවසන තිලංග සුමතිපාල මහතා “2019 ලෝක කුසලානය ඉතා වේගයෙන් යථාර්ථයක් බවට පත්වෙමින් තිබෙන මොහොතක අපේ තරුණ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් වෙත තම අත්දැකීම් බෙදා දීමට වසීම් අක්‍රම් වැනි ක්‍රීඩකයෙක් එකඟ වීම ඉතා අගය කළ යුතුයි. අපි දැනටමත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහා තාක්ෂණික සහ විද්‍යාත්මක පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලයි තියෙන්නෙ. නමුත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ මෙවැනි ක්‍රීඩකයන්ගේ විශේෂඥ දැනුම ලබා ගැනීම කණ්ඩායමේ ඉදිරි ගමනට විශාල රුකුලක් වේවි” යනුවෙන්ද පැවැසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.