බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් ගමන්ගත් ගුවන් යානයක් කොළොම්බියාවේ ( Colombia ) අනතුරට ලක්වීමෙන් පසුව එයින් දිවි ආරක්ෂා කර ගැනීමට පුද්ගලයින් 6 දෙනෙකු පමණක් මේ වන විට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කොලොම්බියාවේදී හෙට (30) පැවැත්වීමට නියමිතව තිබූ කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීමට බ්‍රසීලයේ පළමු පෙළ ක්‍රීඩා සමාජයක් වෙන කාපෙකොන්සෝ පාපන්දු කණ්ඩායම ගුවන් මගින් ගමන් කරමින් සිටින විට ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේය.
ගුවන් යානය බොල්වියාවේ සිට කොලොම්බියාව බලා ගමන් කරමින් තිබුණි.
කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුද හා මගීන් 72ක් ගුවන් යානයේ ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් මිය ගිය පුද්ගලයින්ගෙන් 25 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ.
ඡායාරූප පහතින්..






ක්‍රීඩකයන් ගුවන් යානය ගමන් ආරම්භ කිරීමට පෙර ලබාගත් ඡායාරූප පෙළක් පහතින්..




ප්‍රේක්ෂකයන් බ්‍රසීලයේ වීදි පුරා එක්රැස්වෙමින් ඔවුන් වෙනුවෙන් යාඥා කරන අයුරු පහතින්..




















තම කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් හිස්වූ Chapecoense ක්‍රීඩා සමාජයේ විවේකාගාරය තුළ ලබාගත් ලොවම සංවේදී කළ ඡායාරූපය පහතින්..










