FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාල ජනතා කැමැත්ත මත ‘2016 වසරේ පුද්ගලයා’ ලෙස ඉදිරියෙන් සිටින බලවතා මෙන්න…

 

සුප්‍රකට ටයිම් සඟරාව මගින් 2016 වසරේ පුද්ගලයා තේරීමේ ජනමත විමසුමේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වන විට පෙරමුණේ සිටින බව වාර්තා වේ.

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් දෙවන ස්ථානයට පත්ව සිටින්නේ ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවා අභිබවමින්ය.

එහි අනෙකුත් මුල් පෙළ නාම යෝජනා අතර වත්මන් ඇමරිකානු ජනපති බැරක් ඔබාමා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද සිටින බව සදහන් වේ.

එලෙසම නරේන්ද්‍ර මෝදි 2014 වසරේදී ද ටයිම් සඟරාව මගින් වසරේ පුද්ගලයා ලෙස නම් කර ඇති බව සදහන්ය.

එසේම මෙවර අන්තර්ජාලය ඔස්සේ ජනතා කැමැත්ත විමසීම දෙසැම්බර් 4 වන දා අවසන්වීමට නියමිතය.