තරුණ තරුණියන්ට පෙම් කිරීමට ඇති පොදු ස්ථාන අපේ රටේ අල්ප වන අතර පොදු උයනක දෑත් අල්වාගෙන බංකුවක් මත ඉඳගෙන සිටින පෙම්වතුන් යුවළක් දෙස වුවද බොහෝ වැඩිහිටියන් බලන්නේ වපරැසිනි.
එසේම පොලිස් නිලධාරීන් හෝ පෞද්ගලික ආරක්ෂක අංශයේ සාමාජිකයින්ගෙන්ද ඔවුනට සිදුවන්නේ ගැහැටය.
මුහුදු වෙරළකට ගියද එහි වෙනසක් නොමැති වන අතර චණ්ඩි , ටිකට්පොත් කාරයෝ නැත්නම් හොරෙන් එබිකම් කරන්නෝ සිටින නිසා හොඳින් අව්ව වැටෙනා නිසා කවුරුත් රැඳී නොඉන්නා කට්ට අව්ව ඇති තැනක කුඩයක් යට පෙම් සුව විඳින්නට හෝ ලැගුම්හලකට යන්නට ඇතැම් පෙම් යුවළ පෙළඹෙන්නේ ඒ හේතූන් නිසාය.
ඊට විසඳුමක් ලෙස ත්‍රිරෝද රථ ටැක්සි සේවාවක් සපයන සමාගමක Facebook පිටුව අපූරු යෝජනාවක් පලකර ඇති අතර එහි සඳහන් වන්නේ කුඩ යට සිටීමට අවශ්‍ය නැති බවත් හා තම රියැදුරන් ඉතාමත් මන්දගාමීව රිය පදවන්නට සූදානම් බැවින් කිලෝ මීටරයකට රුපියල් 50 බැගින් ගෙවා තම ආයතනයෙන් කුලී රථයක් ලබා ගන්නා ලෙසත්ය.
සාමාන්‍යයෙන් මීටර් සවි කරන ලද ත්‍රිරෝද රථයක් කිලෝ මීටරයකට අයකරනු ලබන්නේ රු 40ට නොවැඩි මුදලකි.
එම ෆේස්බුක් සටහන පහතින්..










