FAST NEWS

24×7 Around the Globe

සීඅයිඒ සංවිධානයේ කස්‌ත්‍රෝ ඝාතන සැලසුම අවසානයේ මරිටා ලොරෙන්ස්‌ හකුලා ගත් හැටි හෙළි කරයි…

 

1959 දී ඇමරිකානු සී අයි ඒ සංවිධානය විසින් විෂ අඩංගු පෙති වර්ගයක්‌ ලබාදී ෆිදෙල් කස්‌ත්‍රෝව ඝාතනය කිරීම සඳහා යැවූ මරිටා ලොරෙන්ස්‌ අවසාන මොහොතේ එම ඝාතන සැලසුම දියත්කර නැති බව අනාවරණය කර තිබේ.

76 හැවිරිදි වියේ පසුවන මරිටා ඇමරිකාවේ නිව්යෝර්ක්‌හි ක්‌වින්ස්‌ ප්‍රදේශයේ ජීවත් වන අතර ඇයට වයස 19 දී කස්‌ත්‍රෝ හමුවූ අතර ඝාතන උත්සාහය වෙනුවට ඔහුට පෙම් කර ඇති බව වාර්තා වේ.

තමාට කස්ත්‍රෝ හමුවන විට ඔහු 33 හැවිරිදි වියේ පසුවූ බවද මරිටා හෙළිකර ඇති අතර තම පියාගේ බර්ලින් නමැති මගී නෞකාව හැවානා වරායට පැමිණි අවස්‌ථාවේ හමුදා නිලධාරීන් පිරිසක්‌ ඊට ගොඩවූ බවත් ඔවුන් අතර සිටි උසම නිලධාරියා කස්‌ත්‍රෝ බවත් ඇය ප්‍රකාශ කර තිබේ.