FAST NEWS

24×7 Around the Globe

ජනපති ආ හෙලිකොප්ටරය සිසුන්ගේ වාර විභාගය තීරණාත්මක කළ හැටි…

 

කලුතර දිස්ත්‍රික් ශ්‍රීලනිප බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සාමාජිකයන් බදවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන සඳහා පානදුරයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් බෑමට යොදා තිබුණේ මේ දිනවලදී පාසල් සිසුන් වෙනුවෙන් වාර විභාග පැවත්වෙන පානදුර ශ්‍රි සුමංගල විද්‍යාලයේ ක්‍රිඩාංගනයයි.

එහිදි ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන පිරිස රැගත් හෙලිකොප්ටර් විද්‍යාලීය ක්‍රිඩාංගනයට ගොඩ බාද්දී පාසැල් දරුවන් වෙනුවෙන් මේ දිනවල වසර අවසාන වාර විභාගය පැවැත්වෙන ගොඩනැගිලිවල වහලවල්වලටද හානි සිදුව තිබේ.

ඒ අනුව වාර විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයකට පාසැල් බලධාරීන් පත්ව සිටින බවද වාර්තා වේ.