FAST NEWS

24×7 Around the Globe

ලොව අසභ්‍ය දේ වැඩියෙන්ම සිදුවන කම්මැලි නගරය මෙන්න…

 

අසභ්‍ය වෙබ් පිටු සඳහා ලියාපදිංචි වැඩිම පිරිසක් සිටින නගරය ලෙස එංගලන්තයේ නගරයක් පිලිබඳව විදෙස් පුවත් වාර්තා කර ඇති අතර එංගලන්තයේ Consett නම් නගරය එම නගරය වන බවද සදහන් වේ.

කෙසේ වෙතත් මෙම නගරයේ පදිංචි පුද්ගලයන් බොහෝ දෙනෙකු වෙත අදාළ අසභ්‍ය අන්තර්ජාල පිටුවල අධ්‍යක්ෂ ධුරයන්ද හිමිව ඇති අතර එම අසභ්‍ය වෙබ් අඩවිවල ලියාපදිංචි පිරිස 400 ඉක්මවන බවද එහි දැක්වේ.

කෙසේ වෙතත් මෙම නගරය විදෙස් පුවත් සේවා හඳුන්වා ඇත්තේ කම්මැලි නගරය ලෙසයි.

මෙලෙස ලියාපදිංචි වූ පිරිස අතරින් බොහෝ දෙනෙකු තමන් එවැනි පිටුවල ලියාපදිංචි වී ඇති බව නොදන්නා බව එම වාර්තා පෙන්වා දී තිබේ.

ඔවුන් වංචා සහගත ලෙස මුලාවට පත්කරමින් මෙලෙස ඔවුන්ගේ ලිපිනයන් උපයෝගී කරගනිමින් විවිධ අසභ්‍ය පිටු පවත්වාගෙන යන බවට හෙළිවී තිබේ.

ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම නගරයේ පුද්ගලයන් මෙම අසභ්‍ය වෙබ් පිටු ඇතුළු වෙනත් වෙබ් පිටු 1000කට අධික ප්‍රමාණයක් සඳහා තම ලිපිනයන් දී ඇති බවටයි.