FAST NEWS

24×7 Around the Globe

රාත‍්‍රි ධාවනයේදී නින්ද යන රියැදුරන්ට පොලිසිය ලබා දෙන විවේකය මෙන්න…

 

පුත්තලම-අනුරාධපුර මාර්ගයේ රාත‍්‍රියේදී ධාවනය කෙරෙන රථවාහනවල රියැදුරන්ට නින්දයාම නිසා සිදුවන රිය අනතුරු වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් අද(28) සිට කි‍්‍රයාත්මක බව කරුවලගස්වැව පොලිසිය පවසන ලදි.

ඒ අනුව දිනපතා මධ්‍යම රාත‍්‍රියේ සිට පසුදා උදෑසන දක්වා කරුවලගස්වැව අටේ කණුව මංසන්ධියේදී රථවාහන නවතා එහි රියැදුරන්ට මඳක් විවේක ගැනීමට සලස්වා කෝපි බීමට ලබාදෙමින් කටයුතු කරන බව වාර්තා වේ.

විශේෂයෙන් දුර ගමන් රථ වාහනවල සේවාවේ යෙදෙන රියැදුරන්ට දීර්ඝ වේලාවක් වුවද විවේක ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීම, මෙහිදී සිදු කෙරෙන බවත් පොලීසිය ප්‍රකාශ කරන ලදි.