FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 3 දරුවා ලොවම පුදුම කරමින් ‘DJ’ දස්කම පෙන්වූ හැටි මෙන්න… (වීඩියෝ)

 

America got talent යනු අමෙරිකාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද අතිශයින් ජනප්‍රියත්වයට පත් රියැලිටි වැඩසටහනක් වේ.

එක් හැකියාවකට පමණක් දක්ෂ පුද්ගලයින්ට සීමා නොවී විවිධ හැකියාවන් ඔස්සේ දක්ෂයෙකු තෝරාගැනීම එහිදී සිදු වේ.

එම වැඩසටහනේ ආකෘතිය ගෙන දකුණු අප්‍රිකාවේ ආරම්භ වී ඇති SA’s Got Talent වැඩසටහනට පැමිණි සුවිශේෂී තරගකරුවෙකු පිළිබඳව මේවන විට ලෝකයේ ම අවධානය යොමු වී තිබේ.

ඔහුට එතරම් අවධානයක් ලැබීමට හේතු වී ඇත්තේ ඔහුගේ වයසට සාපේක්ෂව ඔහු පෙන්වන දස්කම පුදුම සහගත වීමයි.

ලොවක් වසඟයට ගත් ඔහුට තවමත් අවුරුදු 3ක් වන අතර සිය පියා සමග තරගයට පැමිණෙන මෙම දරුවා DJ සංගීත ශිල්පියෙකු ලෙස ඉතා ඉහළ දස්කම් දක්වන්නේ මේ ආකාරයෙන්ය.

වීඩියෝව පහතින්..