FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයෙන් කල මුදල් වංචා චෝදනාවට ඇමති මලික් එක්ව වික‍්‍රම පිළිතුරු දුන් හැටි… (වීඩියෝ)

 

මහපොල අරමුදලෙන් රුපියල් බිලියනයක මුදලක් වංචා කලේ යැයි ඒකාබද්ද විපක්‍ෂයෙන් එල්ල කරනු ලැබූ චෝදනාව සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරන බව අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පැවසුවේය.

කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ තමන් එම කොමිසමට ලිපියක් යොමු කරමින් අදාල පැමිණිල්ල හැකි ඉක්මනින් විභාග කරන ලෙස දන්වා සිටි බවයි.

මෙම පැමිණිල්ල අසත්‍ය යයි ඔප්පු වුවහොත් පැමිණිලිකාර ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසද තමන් ඉන් ඉල්ලා සිටි බව ඇමතිවරයා පවසා සිටියේය.

එම මාධ්‍ය හමුවට එක් වූ මහපොල අරමුදලේ උපදේශක වික‍්‍රම එදිරිසූරිය මහතා ‘මේ බලූ ජොයින්ට් ඔපොෂිශන් එක කියල එකක් ඇවිල්ල නිදාගෙන හිටපු බල්ල දැන් අවුස්සල. මං මැරනෙතුරු මේ අයට විරුද්දව කටයුතු කරනවා’ යැයි හැඬුම් මැද පවසා සිටියේය.

වීඩියෝව පහතින්..