FAST NEWS

24×7 Around the Globe

කතෘ මණ්ඩලයේ ක්‍රියාකාරිත්වයෙන් ජාතික පුවත්පතක් වෙළඳපොළට නොඑන හැටි…

 

මේ වන විට බන්ධනාගාරගත කර සිටින හිටපු දේශපාලඥයකුගේ ප්‍රවෘත්තියක් පල කිරීම හේතුවෙන් සති අන්ත ජාතික පුවත්පතක් මුද්‍රණයෙන් අනතුරුව වෙළඳපොළට නිකුත් කිරීම නැවැත්වීමට එම පුවත්පත් බලධාරීන් පියවර ගෙන තිබේ.

ප්‍රබල ඇමතිවරයකුගේ සම හිමිකාරීත්වය සහිත පුවත්පතේ මීට පෙරද බන්ධනාගාරගත කර සිටින දේශපාලඥයා සම්බන්ධයෙන් ප්‍රධාන පුවත්පත් පවා පල කෙරුණද අලුත් පුවතක් පල කිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට පුවත්පත් බලධාරීන් ක්‍රියා කර ඇති බව වාර්තා වේ.

ඇමති හිතවත් බලධාරියකු පුවත ඉවත් කරන ලෙස පුවත්පතේ කතෘ මණ්ඩලයට දැනුම් දුන්නද එය ඉවත් කිරීම කතෘ මණ්ඩල ප්‍රධානියාගේ සිට සියලු කතෘ මණ්ඩල සාමාජිකයින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ හේතුවෙන් මුද්‍රණය කළ පුවත්පත වෙළඳපොළට නොපැමිණ ඇති අතර වෙනත් පුවත්පත් බලධාරීන් පවසන්නේ අදාල පුවත හේතුවෙන් සිර දඬුවම් ලබන දේශපාලඥයාට අලුතෙන් වෙන්නට අයහපතක් නොවන බවත් මුද්‍රණය කළ පුවත්පත් නිකුත් නොකිරීමෙන් ඔහුට විශේෂ වාසියකුත් නොවන බවත් ය.