FAST NEWS

24×7 Around the Globe

ඊජිප්තුවෙන් සොයා ගත් වසර 5,000ක් පැරණි සොයා ගැනීම මෙන්න…

 

ඊජිප්තු ( Egypt )පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් වසර 5,000ක් පැරණි නගරයක් සොයා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.

මෙම පැරණි නගරය සොයාගෙන ඇත්තේ නයිල් නදිය ආසන්නයේ පිහිටි ඇබැයිඩෝස් නගරාසන්න ප්‍රදේශයෙන්ය.

මෙම නගරයේ තිබී නිවාස, වලං මෙන්ම සොහොන් භූමි ආදියෙහි නටඹුන් රැසක් හමුවූ බව පුරාවිද්‍යාඥයින් පවසා ඇති බව සදහන් වේ.

එසේම මෙහිදී සොහොන් භූමි 15ක් හමුවී ඇති බැවින් එකල උසස් සමාජ තත්ත්වයක් තිබූ පිරිසක් මෙහි විසූ බව හෙළිවී ඇති අතර ඊජිප්තුවේ සංචාරක ක්ෂේත්‍රයට මෙම නව නගරයෙන් ප්‍රබල පිටිවහලක් ලැබෙනු ඇති බවට පුරාවිද්‍යාඥයින්ගේ මතයයි.