FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන්ගේ ජංගම දුරකථන වාර්තා දෙන්න බැ – ඩයලොග් සමාගම

 

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් විභාගවන නඩුවේදී ඔහු මිය යාමට පෙර ජංගම දුරකථනයට ලැබුණු වාර්තා ඉදිරිපත් කළ නොහැකි බව ඩයලොග් සමාගම වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අද (2) උසාවියට දැන්වීය.
අදාළ දිනයට මාස තුනකට පෙර වාර්තා පමණක් එම ආයතනය රඳවා තබාගන්නා බවත් ඊට පෙර වාර්තා තමන් සතුව නැති බවත් දිවුරුම් ප්‍රකාශයක් මගින් ඩයලොග් සමාගම උසාවියට දැන්වූ අතර නඩුව විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා දැනුම් දුන්නේ කෙසේ හෝ නඩු විභාගයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසයි.
නඩු විභාගය සැප්තැම්බර් 10 වැනි දිනට කල් තැබිණි.
වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් 2012 මැයි 16 වැනි දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල දී ඔහුගේ කාරය ගිනි ගැනීමෙන් ඔහු මිය ගිය බව පොලිසිය වාර්තා කර තිබිණි. 2012 මැයි 17 වැනි දා ඔහුගේ සිරුර සොයා ගන්නා විට කාරය තුළ දැවී අඟුරුවී තිබිණි. මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිවකු අත් අඩංගුවට ගෙන නොමැති අතර ගිය රජයේ ප්‍රබලයකුගේ පුත්‍රයකු ගැනද පරීක්ෂණ ආරම්භ වී ඇත.