FAST NEWS

24×7 Around the Globe

මෝටර් රථය තුල sex කරන්න කුරුඳුවත්ත පොලිසියට රු 2000ක් .

මෝටර් රථයක් තුළ අනඟ රැඟුම් පාමින් සිටි පෙම්වතුන් යුවළකගෙන් රුපියල් දෙදහසක අල්ලසක් ලබාගත් බව කියන පොලිස් නිලධාරීන් තිදෙනෙකු කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ අතර පොලිස් සැරයන්වරයෙකු ද සිටින බවයි. අදාළ පෙම්වතුන් යුවළ ඊයේ (01) පස්වරුවේ කුරුඳුවත්ත ප‍්‍රදේශයේදී මෝටර් රථයක් තුළ මෙසේ අශෝභන ලෙස හැසිරී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොකිරීමට අදාළ පොලිස් නිලධාරීන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.