FAST NEWS

24×7 Around the Globe

ගණිතය අසමත් වුවත් 13 වසර වෙනකම් අධ්‍යාපන වරම් ලැබෙන විදිහ ගැන අකිල කියයි…

 

ගණිත විෂය අසමත් වුවත් පාසල් සිසුනට දහතුන ශ්‍රේණිය දක්‌වා අඛණ්‌ඩව අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අලුත් විෂයයන් 24 ක්‌ හඳුන්වා දෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

රොබොටෙක්‌ තාක්‍ෂණය ඇතුළුව විෂයයන් 24 ක්‌ මෙහිදී හඳුන්වා දෙන බව කී ඇමැතිවරයා ඒ යටතේ සිසු දරුවන්ට අධ්‍යාපනයක්‌ ලබා ගැනීමට හැකිවන බව පවසා ඇති අතර මෙම විෂයයන් විසිහතර ඉගෙන ගැනීම සඳහා ගණිත විෂය සමත්වීම අනිවාර්ය නොවන බවද ඇමැතිවරයා පැවසුවේය.

එහෙත් උසස්‌ පෙළ විද්‍යා, ගණිත විෂය ධාරාවෙන් ඉගෙනීම සඳහා සාමාන්‍ය පෙළ ගණිතය සමත්වීම අනිවාර්ය බවද ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේය.

ජවිපෙ පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ අයවැය විවාදයේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එලෙසින්  අදහස් ප්‍රකාශ කරන ලදි.