FAST NEWS

24×7 Around the Globe

කොදෙව් පරාජයට ප්‍රධාන හේතුව හා නව සැලසුම් ගැන නුවන් කුලසේකර හෙළි කරයි…

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන් පාලනය කරමින් පන්දු යැවූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ මඳ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ශ්‍රී ලංකාව හා කොදෙව් අතර පසුගියදා හරාරේ පිටියේදී පැවැති තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

”සිම්බාබ්වේ වේගපන්දු යවන්නන් පැයට කි.මී. 120-130ත් අතර වේගයකින් පන්දු යැව්වත් කොදෙව් කණ්ඩායම ඔවුන්ට වඩා වැඩි වේගයකින් හා ඉපිලීමකින් පන්දු යවනවා. විශේෂයෙන්ම ග්‍රේබියෙල් පැයට කි.මී. 140කට වඩා වැඩි වේගයකින් පන්දු යැව්වා. කොදෙව් පන්දු යවන්නන් අතරින් හෝල්ඩර් අපට විශාල තර්ජනයක් වුණා” යනුවෙන් පැවැසූ කුලසේකර  මෙහිදි අවධාරණය කර සිටියේ තම කණ්ඩායම පෙන්වූ මෙම වැරදි ඉදිරි දින කිහිපය තුළදී නිවැරදි කරගැනීමට අවස්ථාව ඇති බවය.

“2010 වසරේදී මම බුලවායෝවලදී තරග දෙකකට මුහුණ දුන්නා. නමුත් ඒ තණ තීරුවට වඩා හරාරේ තණතීරුව පිතිකරුවන් අමාරුවේ දාන තණතීරුවක්. ඒ කෙසේ වුණත් ඉදිරි තරගවලදී අපි මෙයට වඩා සැලසුම් සහගත ලෙස තරග වැදීමට සූදානම් වෙනවා”යනුවෙන්ද කුලසේකර මෙහිදි සඳහන් කළේය.