FAST NEWS

24×7 Around the Globe

තරඟය මැද කණ්ඩායම් නායකයා පන්දුව පළුදු කළ හැටි මෙන්න… (වීඩියෝ)

 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක Du Plessisගෙන් ඔස්ට්‍රේලියාව සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සම්පූර්ණ ගාස්තුව දඩ මුදලක් ලෙස අය කර ගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය අද(23) පියවර ගෙන තිබේ.

ඒ, එම තරගයේදී පන්දුව ඔප දැමීම සඳහා ඔහුගේ මුඛයේ තිබූ රස කැවිල්ලකින් ලබාගත් ඛේඨය භාවිතා කිරීම හේතුවෙනි.

ජගත් ක්‍රිකට් නීතිරීති අනුව පන්දුව ඔප දැමීම සඳහා කෘතිම ද්‍රව්‍ය භාවිත කිරීම සැලකෙන්නේ පන්දුව පළුදු කිරීමක් ලෙසිනි.

Du Plessis අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළත් රූපවාහිනී පුනරූපන මගින් ඔහු පන්දුව ඔප දැමීම සඳහා ඛේඨය ලබාගන්නා විට ඔහුගේ මුඛයේ රස කැවිල්ලක් තිබූ බව තහවුරු වීම හේතුවෙන් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් ඇතුළු කමිටුවක් මගින් Du Plessis වරදකරු බව තීරණය කර තිබේ.

සම්පූර්ණ තරග මුදල දඩයක් ලෙස අය කරගැනීමට අමතරව Du Plessis හිමිවන අකුසලතා ලකුණු සංඛ්‍යාව 3ක් ලෙස සදහන් වේ.