මෙම වසරේ පළමු මාස හයේදී රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47894 ක් දක්‌වා 5%කින් පහත වැටී ඇති බවත් මෙලෙස රබර් නිෂ්පාදනය පහත වැටුණේ අඛණ්‌ඩව 05වන වසරට බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
අඩු මිල ගණන්වලට ප්‍රතිචාර දක්‌වමින් විශ්ෂයෙන් කුඩා වතු අංශයෙන් රබර් කිරි කැපීමේ දින ගණන අඩු කිරීම මීට ප්‍රධාන හේතුව බව ද මහ බැංකුව පෙන්වා දෙයි.
2016 වසරේ පළමු මාස හයේදී කේරේප් රබර් නිෂ්පාදනය පසුගිය 2015 වසරේ පළමු මාස හයට සාපේක්‍ෂව මෙට්‍රික් ටොන් 7760 ක් දක්‌වා 27% කින් සහ ෂීට් රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 23,947ක් දක්‌වා 5.4% කින්ද පහත වැටී තිබේ.
මේ අතර රටේ සමස්‌ත රබර් නිෂ්පාදනයට 34% කින් පමණ දායක වන වර්ග නොකළ කාණ්‌ඩයේ රබර් නිෂ්පාදනය 2015 වසරේ මුල් මාස හයේදී වාර්තා කළ මෙට්‍රික් ටොන් 18,981 ට සාපේක්‍ෂව මෙට්‍රික් ටොන් 16,187 ක් දක්‌වා 14.7% කින් පහළ ගොස් ඇත.
දේශීය හා විදේශීය වෙළෙඳපොළ තුළ රබර් මිල ගණන් පහළ යැම තුළ, දේශීය රබර් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් අභියෝගාත්මක වූ බවද මහ බැංකුව කියාසිටී.
ශ්‍රී ලංකා මහ බැංකුව මෑතදී නිකුත් කළ “මෑත කාලීන ආර්ථික ප්‍රවණතා” නම් නවතම වාර්තාව මගින් මේ තොරතුරු අනාවරණය කර තිබේ.