FAST NEWS

24×7 Around the Globe

කථානායක අසුනේ වාඩි වූ ඉංජිනේරුවරයා ගැන හෙළි කළ මාධ්‍යවේදීන්ට සිදු වූ දේ…

 

පාර්ලිමේන්තු කථානායක අසුනේ පාර්ලිමේන්තු ඉංජිනේරුවරයා වාඩි වී සිටි බවට මාධ්‍ය මගින් හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනාට අදාළ ඉංජිනේරුවරයා විසින් පාර්ලිමේන්තුවේදී තර්ජනය කර තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් අලුවිහාරේ හා දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු පාර්ලිමේන්තු සැසිවාරයේදී පවසා තිබේ.

කථානායකවරයා විසින් අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා කැඳවා මේ පිළිබඳව පෞද්ගලිකව කරුණු විමසීමෙන් අනතුරුව ඒ පිළිබඳව ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසට කථානායකවරයා විසින් මාධ්‍යවේදීන් දෙදෙනාට දැනුම් දුන් බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වෙයි.